ads

Slider[Style1]

Style2

Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

ඉන්ටනෙට් එකේ වැඩිපුරම සෙක්ස් බලන රටක් මේක

අන්තර්ජාලයේ ලිංගික දර්ශන නරඹන්න වැඩි වශයෙන් පුරුදු වුණ රටත් මේක. මේවායින් අපිට ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ මානසික මට්ටම ගැන හිතාගන්න පුළුවන් යයි එජාපයෙන් දකුණු පළාත් සභාවට තරඟ වදින් ජනප‍්‍රිය නිළී නදීෂා හේමමාලි පවසයි.

පුවත්පතක් හා අදහස් දන්වමින් ඇය මෙසේද කියා සිටී.

අපේ රටේ ජනපි‍්‍රක කලාකාරිනියන් දේශපාලනයට එන එක ගැන චෝදනා කරන්නේ පුරුෂ මූලික සමාජ ක‍්‍රමයක් තිබෙන නිසා වෙන්න ඕන.

‘විදේශයන්හි දේශපාලනයට යොමුවන කලාකාරිනියන්ට චෝදනා එල්ල නොවනවානම් එයට හේතු වන්නේ එම සමාජයන්හි වෙසෙන ජනතාව අධ්‍යාපනය,සංස්කෘතිය යන ඒවායෙන් ඉහළ මානසිකත්වයකින් ඉන්න නිසා වෙන්න ඕන.

උදාහරණ ලෙස අපට කියන්න පුළුවන් අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වයයි,විදේශයන්හි වෙසෙන ජනතාවගේ මානසිකත්වය වෙනස් නිසානේ අපේ රටේ සියදිවි හානි කරගන්නන් පිරිස වැඩි.ඒ වගේම තමයි ස්ත‍්‍රී දුෂණ,ළමා අපචාර වැඩි ගණනක් සිදුවන රටක් තමයි අපේ රට. ඒ වගේම තමයි මානව හිම්කම් බහුල වශයෙන් කඩවන රටත් මේක.

අන්තර්ජාලයේ ලිංගික දර්ශන නරඹන්න වැඩි වශයෙන් පුරුදු වුණ රටත් මේක. මේවායින් අපිට ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ මානසික මට්ටම ගැන හිතාගන්න පුළුවන්. ඉතින් දේශපාලනයට නිළියන් යොමු වුණාම චෝදනා කරන්නෙත් එවැනි මානසිකත්වයක් තියෙන උදවිය වෙන්න ඕන’

නම ගිය සමාගමක් වසා දැමූ පාසල් ගොඩනැගිල්ලක පණුවන් සමග පලතුරු යුෂ නිෂ්පාදනාගාරයක්

අලව්ව මහාරච්චිමුල්ල ප‍්‍රදේශයේ අතහැර සමන ලද පාසල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය නරක් වූ සහ පණුවන් සහිත පලතුරු යොදා ගනිමින් පලතුරු යුෂ නිපදවීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට අලව්ව සෞඛ්‍ය නිලධාරීන් සමත් වී තිබේ.

මෙසේ නිපදවන පලතුරු යුෂ මෙරට ප‍්‍රසිද්ධ පලතුරු බීම සමාගමකට සැපයීම් කර ඇති බවටද අනාවරණය වී තිබේ.

එසේ නිපදවූ අපිරිසිදු පලතුරු යුෂ බෝතල් කොට ප‍්‍රසිද්ධ වෙළද නාමයක් යටතේ දිවයින පුරා බෙදා හැර ඇති බවද අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු ප‍්‍රකාශ කරති.

‘මිලාන් ෆුඞ් සප්ලයර්ස්’ නැමති එම කර්මාන්ත ශාලාවේ වැටලීම සිදුකළ අවස්ථාවේදී එම කර්මාන්ත ශාලාවේ පලතුරු යුෂ නිපදවීමට යොදා ගනිමින් තිබූ පණුවන් සහ පුස් සහිත දිවුල් ගෙඩි 1700ක්, අඹ ගෙඩි 200ක් සහ එවැනි පලතුරු වලින් නිපදවා තිබූ කිලෝග‍්‍රෑම් 30ක් බැගින් අඩංගු පලතුරු යුෂ සහිත ප්ලාස්ටික් බදුන් 107ක්ද සොයාගෙන ඇත.

රසිකයන්ගේ හිතවත්කමට මම හරිම ආදරෙයි


“තරුමලී” පිටිසර ගමක දුප්පත් සුන්දර යුවතියක්. ඇයගේ දෙමවුපියන් ගමේ වලව්වේ සේවකයින්. වලව්වේ සෙල්ලක්කාර පුත්‍රයා විනෝද් ඉන්නේ තරුමලීට ඇහැ ගහගෙන. ඒ අතරේ අහම්බෙන් හමුවන නිර්මාල් සමඟ තරුමලී හිතවත් වෙනවා. විවිධ හැලහැප්පීම් මැදින් තරුමලී ජීවිතයට මුහුණ දෙනවා. මේ දිනවල බොහෝ දෙනෙකුගේ ආදරයට පත්වී සිටින තරුමලීගේ චරිතය නිරූපණය කරන්නේ යොවුන් රංගන ශිල්පිනී විනු උදානි සිරිවර්ධන.

තරුමලීට මොකද වෙන්නෙ?


තරුමලීට මොකද වෙන්නෙ කියල තරුමලී ටෙලි නාට්‍යය අවසානයේ ප්‍රේක්ෂකයින්ට දැනගන්න ලැබේවි. සමහර විට තරුමලීට නිර්මාල් සමඟ එක්වෙන්න ලැබෙන්නත් පුළුවනි; නොලැබෙන්නත් පුළුවනි. කොහොමහරි තරුමලී කතාව හොඳ අවසානයක් සමඟ ඉවර වේවි. තවම කතාව සම්පූර්ණයෙන්ම ලියා අවසන් නෑ.

තරුමලීට ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙයි ද?

ඇත්තෙන්ම ඔව්. තරුමලී ටෙලි නාට්‍යයට වගේම මගේ චරිතයටත් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළයි. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙනුත් මට ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඊටත් අමතරව විදෙස් රටවල ජීවත්වන සිංහල ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේ බලලා තරුමලී ටෙලි නාට්‍යයේ මගේ රංගනය ගැන හොඳ කියල දුරකථනයෙන් කතා කරනවා. සමහර අය මට කතා කරන්නෙත් තරුමලී කියලා. සමහර පුංචි දරුවො “තරු අක්කි” කියල කතා කළ අවස්ථාත් තියෙනවා. පසුගිය දවස්වල පැවැත්වුණු පෙර පාසල් උත්සව ගණනාවකටම මට ආරාධනා ලැබුණා. ඒ පුංචි දරුවන් මේ චරිතයට ගොඩක් ආදරය කරන නිසා.

මේ චරිතය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වුණේ කුමක් නිසා කියල ද ඔබ හිතන්නෙ?

පුංචි දරුවන් මගේ රංගනයට ආදරය කරන්නේ කොණ්ඩා කරල් දෙකක් ගොතල චීත්ත ගවුමක් ඇඳල ගමක ගෑනු දරුවෙක් වගේ මම රඟපාන නිසා කියලයි මම හිතන්නේ. වැඩිහිටියන් මේ ටෙලි නාට්‍යයට ආදරය කරන්නේ මෙහි හොඳ කතා තේමාවක් තිබෙන නිසයි; කුතුහලය දනවන ආකාරයට මේ ටෙලි නාට්‍යය නිර්මාණය වී ඇති නිසයි.

ඔබ රූ රැජින තරගයක ජයග්‍රහණයකින් පසුව කලාවට එක්වූ කෙනෙක්. ඔබ හිතන විදියට රූප රාජිනියක් වීම රංගනයට සුදුසුකමක් ද?

නැහැ. රූප රාජනියක් වීම රංගනයට සුදුසුකමක් නෙමෙයි. නමුත් හොඳ රූපයක් තිබීම සුදුසුයි. රූපරාජිනියක් වූ පමණින්ම රංගන ශිල්පිනියක් වෙන්න බැහැ. රූප රැජනක් වෙන්න බුද්ධිය, සාමාන්‍ය දැනුම වෙනත් විවිධ හැකියාවන් ආදියත් අවශ්‍යයි. ඒ වගේම තමයි නිළියක් වෙන්න රංගන හැකියාව බුද්ධිය වැනි සුදුසුකම් ගණනාවක් අවශ්‍යයි කියා මම සිතනවා. ඒ වගේම වාසනා ගුණයත් තියෙන්න ඕන. මම රංගනයට පිවිසුණේ රූප රැජිනක් වූ පසුව මට ලැබුණු ජනප්‍රියත්වයත් සමඟයි. රංගනයට කොහොම ආවත් ඒ තුළ රැඳී ඉන්නත් එයින් ඉදිරියට යන්නත් රංගන කුසලතාවයක් තියෙන්නම ඕන. නැත්නම් පළමු රඟපෑමෙන්ම ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න සිදු වේවි.

රංගනයට එන්න ඔබ ආශාවෙන් සිටිය ද?

නැහැ කොහෙත්ම නෑ. නමුත් රූප රැජිනක් වීමට නම් මගේ හීනයක් තිබුණා. රූප රාජිනි තරගයට සහභාගි වෙන කාලෙ මට රංගනයට ආරාධනා ලැබුණා. නමුත් මම ඒවා බාරගත්තේ නෑ. ඒ මොකද රංගනයේ යෙදෙන්න මට හැකියාවක් තියෙනව ද කියල ඒ දවස්වල මම දැන නොසිටි නිසා. කෙසේ නමුත් ටික දවසක් හිතල බලල තමයි මම ක්ෂේත්‍රයට ආවේ.

මොන වගේ වැඩත් එක්ක ද ඔබ මේ දවස්වල ඉන්නෙ?


මේ දවස්වල ‘තරුමලී’ ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස්වල රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සත් ගුණවත්ලා’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් වලටත් සහභාගි වෙනවා. ඊට අමතරව මම මේ දවස්වල ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කළමනාකරණ පාඨමාලාවක් හදාරනවා.

ළඟදී ඔබ ඔබේ පළමු සිනමා රංගනයට දායක වෙනවා කියල ආරංචියි?

ඔව්. ඒ සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රපටය. මෙය අපේ ඉතිහාසය ඇසුරින් නිර්මාණය වන අපූරු චිත්‍රපටයක්. මෙහි මම රඟපාන්නේ සිටු දියණියකගේ චරිතයක්. එවැනි චිත්‍රපටයකින් සිනමාවට පිවිසෙන්න ලැබීම භාග්‍යයක්. ගොඩක් දෙනෙක් කියනව මට සිනමාවට ගැළපෙන රූපයක් තියෙනව කියල. ඉතින් ඉදිරියේදී හොඳ චිත්‍රපටවලට දායක වෙන්න කැමැතියි.

ඔබ දිගටම රඟපාන විට දෙමවුපියන් කැමැති ද?

මගේ රංගන කටයුතුවලට දෙමවුපියන්ගෙන් ලැබෙන්නේ විශාල උදව්වක්; මඟපෙන්වීමක්. මම රූපගත කිරීම්වලට සහභාගි වන විට අම්මත් බොහෝ විට මා සමඟ එනවා.

ප්‍රේක්ෂකයින් දක්වන ආදරය ගැන ඔබට මොනව ද හිතෙන්නෙ?

මගේ ටෙලි නාට්‍ය නරඹන, මගේ රංගනයට ආදරය කරන ප්‍රේක්ෂකයින් රැසක්ම රට පුරා ඉන්නවා. මගතොටේ හමුවූ විට ඔවුන් ඉතාම ආදරයෙන් කතා කරනවා. ඒ වෙලාවට මට විශාල සතුටක් දැනෙනවා. මම කතා නොකරයි ද කියල හිතලා මාත් එක්ක කතා නොකරන අයත් ඉන්නවා. මාත් එක්ක හිනාවෙන මාත් එක්ක කතා කරන හැම කෙනෙක් එක්කම මම හිනාවෙලා කතා කරනවා. ඔවුන්ගෙන් ලැබෙන ඒ හිතවත්කමට මම හරිම ආදරෙයි.

කලා ක්ෂේත්‍රයේ වැඩියෙන් ඉන්නේ ඔබට හිතවත් අය ද? අහිතවත් අය ද?

මම කලා ක්ෂේත්‍රයට ඇවිත් තවම ටික කාලයයි. මේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් මාව ඇසුරු කරල නෑ. මම කා එක්කත් හිතවත්ව වැඩ කරනවා. මම දන්නා තරමින් මට තරහ අය කවුරුවත් නෑ.

ඔබ කලාවේ දිගටම රැ‍ඳෙනව ද?

ඔව් දිගටම රැඳී ඉන්න මම කැමැතියි. හැබැයි විවාහයෙන් පසුව කලාවේ රැ‍ඳෙයි ද කියලා හරියටම කියන්න බැහැ.

ඒ කියන්නෙ ඔබ ළඟදීම විවාහ වෙනව ද?

මේ වන විට මට විවාහ යෝජනා කීපයක්ම ඇවිත් තියෙනවා. ඒ අතරින් එක් යෝජනාවක් ගැන මගේ දෙමවුපියන් සැලකිලිමත් වෙලා තියෙනව. මගේ දෙමවුපියන් ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගනීවි.

ගාමිණී සුසන්ත

ඡායාරූප - ශාන් රූපස්සර

පණ ඇති සතුන් සිටින තවත් ලොවක් ළඟදීම

ජීවය පවතින පෘථිවිය හා සමාන ග‍්‍රහලෝක තවත් වසර 10 ක් 15 ක් ගතවන විටදී සොයාගත හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

පෘථිවිය හා සමාන ග‍්‍රහයෙකු සොයා ලොව විවිධ ආයතන පර්යේෂණ කරයි.එවායේ වාර්තා අනුව පෙනී යන්නේ පෘථිවිය හා සම වන ග‍්‍රහලොවක් අප සිතනවාට වඩා ඉක්මනින් සොයාගත හැකි වනු ඇති බවයි.

ඇමරිකාවේ කි‍්‍රයාත්මක වන අභ්‍යාවකාශයේ වෙනත් ජීවය පවතින්නේද යන්න සොයාබැලීම සදහා පර්යේෂණ පවත්වන සෙටී ආයතනයේ ආචාර්ය ෆ්?න්ක් මාර්චිස් පවසනුයේ කාලයත් සමග අභ්‍යාවකාශයේ තොරතුරු සොයාගැනීමට භාවිතා කළ දුරේක්ෂ ආදී උපකරණ වල දියුණුව අභ්‍යාවකාශයේ රහස් අනාවරණය කර ගැනීම පහසු කරනු ඇති බවයි.

චිලීයේ පිහිටුවා ඇති ජෙමිනි අභ්‍යාවකාශ නිරීක්ෂක මධ්‍යස්ථානය අභ්‍යාවකාශ නිරීක්ෂක උපකරණ වල පරිනාමයේ අද්විතීය ස්ථානය හිමිකරගෙන සිටී.මින් පෙර නොවූ ලෙසට ග‍්‍රහයන්ගේ හා තාරකා වල පිහිටීම හා චලනය නිරීක්ෂණය කිරීමට ජෙමිනි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇති දුරේක්ෂයෙන් හැකියාව ඇත.

පෘථිවිය හා සමාන ග‍්‍රහලෝක අභ්‍යාවකාශයේ පැවතිය හැකි වුවත් ඒවා ඉතා අල්ප ප‍්‍රමාණයකින් තිබෙනු ඇතැයි විද්‍යාඥයෝ මුලදී සිතා සිටියහ.පෘථිවිය හා සම වන පරිසරයක් පැවතීමට සැපිරිය යුතු අවශ්‍යතා ගණනාවක් තිබීම මිීට හේතුවයි.නමුත් ඇතැම් අවස්ථාවන්හි ග‍්‍රහයෙකුගේ මතුපිට ස්ථරය ජීවය සදහා සුදුසු නොවූවත් ග‍්‍රහයාගේ අභ්‍යන්තරය එසේ නොවනු ඇතැයි නව මතයක් දැන් ඉදිරිපත්වී තිබේ.මේ අනුව විද්‍යාඥයින් පවසනුයේ ජීවය ඇතැයි සැළකිය හැකි ග‍්‍රහලෝක සිතා සිටියාට වඩා කිහිප ගුණයකින් වැඩි ගණනක් අභ්‍යාවකාශයේ ඇති බවයි. 



 

රන් පාපන්දුව කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝට

වසර 2013 ලෝකයේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා වශයෙන් පෘතුගාලයේ පාපන්දු කි‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ ‘රන් පාපන්දුව’ දිනාගත්තේය. වසර තුනක් පිට පිටම මෙම සම්මානය දිනාගත් ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී අභිබවා ගිය කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝට එම සම්මානය දිය යුතු යයි ලෝකය පුරා ජාතික පාපන්දු කණ්ඩායම් 209 ක නායකයෝත්, ජාතික පාපන්දු කණ්ඩායම්වල පුහුණුකරුවෝත් පාපන්දු කී‍්‍රඩාව පිළිබඳවම වාර්තා කරන වෘත්තිය මාධ්‍යවේදීන් අතුරින් තෝරාගත් 173 දෙනකුත් තීරණය කර තිබිණ.

මෙම සම්මානය ඊයේ (13 වැනිදා) සුරිච්හිදී පැවැති අන්තර්ජාතික පාපන්දු සම්මේලන සම්මාන උළෙලේදී රොනාල්ඩෝ වෙත පිරිනමන ලදි.
ස්පාඤ්ඤයේ රියල් මැඞ්රිඞ් කී‍්‍රඩා සමාජයට කී‍්‍රඩා කළ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ තම කණ්ඩායමට කිසියම් කුසලානයක් දිනා දීමට 2013 වසරේදී සමත් නොවූ නමුත් ඉදිරිපෙළ කී‍්‍රඩකයකු වශයෙන් ගෝල ලබාගැනීමේ ඔහු සතු අද්වීතීය දක්‍ෂතා හේතුවෙන් ලයනල් මෙසී සහ ප‍්‍රංශයේ ෆ‍්‍රෑන්ක් රිබෙරිට වඩා ‘රන් පාපන්දුව’ සම්මානයට සුදුස්සා කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ බව තීරණය වී තිබිණ.

කලකට ඉතහදී ඉකුත් වසරේ දක්‍ෂතම යුරෝපීය පාපන්දු කී‍්‍රඩකයාට පිරිනැමුණු ‘රන් පාපන්දුව’ සම්මානය සහ ප‍්‍රංශ පාපන්දු සංගමය විසින් පිරිනැමුනු තවත් එවැනිම සම්මානයක් එකතු කිරීමෙන් 2010 සිට ‘රන් පාපන්දුව’ සම්මානය පිරිනැමේ. එහි මුල්ම ජයග‍්‍රාහකයා වූ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී රන් පාපන්දුව සම්මානය පිට පිටම තුන් වරක් දිනාගත් නමුත් මෙවර කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝට ‘රන් පාපන්දුව’ හිමිවිය.

”ඔබ සියලූ දෙනාටම ස්තුතියි.! මගේ කණ්ඩායම් සගයිනි..., ජාතික කණ්ඩායමේ මිතුරනි....., මගේ පවුලේ සාමාජික සාමාජිකාවෙනි.....ඔබ සියලූ දෙනාටම ස්තුතියි !!”

”මට දැන් කතාකරගන්නත් බෑ” යයි තුන් වතාවක්ම එහි අනුශූරයා වූ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ රන් පාපන්දුව සම්මානය දිනාගැනීමෙන් පසුව සතුටු කඳුළු උතුරන දෑසින් යුතුව පැවසීය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලන සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම විනයානුකූල පාපන්දු කණ්ඩායමට හිමි සම්මානය දිනාගන්නා ලද්දේ ඇෆ්ගනිස්තානු පාපන්දු කණ්ඩායම විසිනි. වසර 10 කට පසුව ඇෆ්ගනිස්ථානයේ පාපන්දු තරගයකට සහභාගි වූ ඇෆ්ගන් කණ්ඩායම පාකිස්තානයට එරෙහිව තරග කළේය. 


 

මහ ඔයත් පිටාර ගලයි

මහඔයට මහ වැසි සමඟ ඇති වු ගංවතුරෙන් උණුවතුර බුබුල මාර්ගය යට වී ගමනාගමනය නතර විය.

රතුපස් උහන ,පේරුවැල් තලාව , බෝගමු යායේ හා උණුවතුර බුබුල ගම්මානයන්හි වැසියෝ මේ නිසා කොටු වුහ.

2012 දී මහඔය වැවේ කැඩුණු පිටවාන අලුත්වැඩියා නොකිරීම නිසා මේ තත්ත්වය උදා වී ඇතැයි ගැමියෝ කියති. 




 

Nipuni Wilson


























Madhu Nithyani new












ගෙදර රණ්ඩුවක් කියලා කට්ටිය ආවා මාදනී මල්වත්තගේ


ඔගස්ටාවත්ත කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ තිබුණු ගම්මානයක්. ඒ ගම්මානයේ හැදුණු වැඩුණු මාදනී දැරිය කලාවට ආදරය කළේ කුඩා කාලයේ පටන්මයි. මාදනී විතරක් නෙවෙයි, මාදනීගේ තාත්තා, ලයනල් වුණත් කලාවට බොහොම ආදරය කළ කෙනෙක්. ඩොලැක්කිය අපූරුවට වාදනය කළ ලයනල්ගේ නිවෙසෙ සමහර දාට සංගීත සාජ්ජයක් නම් වැරැදුණේ නැති තරම්. ලයනල් ගේ ඩොලැක්කියේ හඬ වගේම මාදනීගේ මියුරු ගායනයත් ඈතට ඇසුණා.

‘අපේ පවුල කලා පවුලක් නොවුණත් තාත්තාගේ තිබුණු කලාකාමී බවයි මාව අද මෙතැනට ගෙනාවේ. ඒ අතීතය බෙහෙවින් සුන්දරයි.’

අතීතය මෙනෙහි කරමින් මාදනී මල්වත්තගේ කිව්වේ සිනහ මුසු මුහුණින්.

ඒ වගේම මාදනීගේ තාත්තා ලයනල් හොඳ නාට්‍ය රසිකයෙක්. පෙර පාසල් යන වයසේ හිටිය මාදනීවත් අරගෙන ඔහු පේරාදෙණිය වලේ තිබුණු නාට්‍ය බලන්න ගියා. ‘වල සතිය’ කියලා හඳුන්වන මේ නාට්‍ය උළෙල අද වගේම එදත් බොහොම ජනප්‍රිය නාට්‍ය උළෙලක්. මේ නාට්‍ය උළෙල නරඹන්න ගිය එක දවසක වේදිකා ගතවුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යය. මාදනී මනමේ කුමරියගේ රංගනය දෙසම බලාගෙන හිටියේ ඇසිපිය නොහෙලා.

මනමේ කුමාරි ගයන ගීපද ඇයත් තාලයට කිව්වා.

‘ මමත් කවදහරි මනමේ කුමාරිට රඟපානවා.’

මාදනී කිව්වේ නිවසෙ හැමෝම ඉදිරියේ මනමේ කුමාරිගේ චරිතය රඟපාන ගමන්. කාලය ගෙවිලා ගියා. හුරුබුහුටිකමට හිටිය පුංචි කෙල්ල දැන් යුවතියක්. ඈ කොළඹ තරුණ සේවා සභාවට පය තිබ්බා. ඒ රංගන ශිල්පිනියක් වීමේ බලාපොරොත්තු හදවත තුරුලු කරගෙන. වේදිකාව ඇයට අරුමයක් නොවුණත්, ඇගේ රංගන හැකියාව මූලික ලෙසම දායාද කරන්න මාදනීට පෙරහුරුවක් ලැබෙන්නේ ජයලත් මනෝරත්නගෙන්. ඔහුගේ ‘කනේරු මල්’ වේදිකා නාට්‍යයේ ඈ ඉස්ඉස්සෙල්ලාම රඟපාන්නේ අනාගතය සුබදායක වේය කියන හැඟීමෙන්. ඒක එහෙම වුණා. ඈ කාලයක පටන් අරගෙන ආව රංගන හැකියාවට අර්ථයක් ගේන්නේ සුසිල් ගුණරත්න ගේ ‘දෙනුවර දෙන්නෙක්’ වේදිකා නාට්‍යය.

2007 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී මාදනී තමන්ගේ මහන්සියේ පල නෙළා ගන්නවා. ඒ හොඳම නිළිය විදියට සම්මානයක් ලබමින්. ඊට පස්සේ ඈ කේ.බී. හේරත් ගේ ‘ජගන් මා’ වගේම ඔහුගේ ‘කලු කුමාරි’ වේදිකා නාට්‍යවලත් හොඳම නිළිය විදියට සම්මාන ලබන්නේ සිය රංගන දක්ෂතා ගැන මොනවට කියාපාමින්. ඒ වගේම ඇගේ කුඩා කාලයේ හිතේ තිබුණු මනමේ කුමරියට රඟපාන අදහසත් මේ වන විට ඉටුවුණා. ඒ ඈ සරච්චන්ද්‍රයන් ගේ ‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමරිය ලෙස පෙරාදෙණිය වලේ ර¼ඟපෑමෙන්.

රංගන දක්ෂතා ඇති නිළියන් අතරට ගැනිය හැකි මාදනී ගැන අපට යම් බලාපොරොත්තුවක් තබා ගත හැකියි. ඒ දක්ෂතම නිළියගේ වේදිකා නාට්‍ය ජීවිතයට දැන් සොළොස් වසරක් ගතවෙලා. ඈ සොළොස් වසරක මතකාවර්ජනය සමරන්න මේ දවස්වල සූදානම් වෙනවා.

‘මේ කටයුත්තේ සරලම අරමුණ තමයි හොඳ නාට්‍ය නම් මේවායි කියලා අපේ රටේ දරුවන්ට හොඳ නාට්‍ය හඳුන්වා දීමයි. අනෙක් අරමුණ වෙන්නේ මම අවුරුදු තුනක් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය වුණා. තවත් වසර තුනක් හොඳම නිළියට නිර්දේශ වුණා. ඒ සැමරුම් නාට්‍ය යළි රංග ගත කරන්නත් මේ නාට්‍ය උළෙල හේතු වෙනවා. නාට්‍ය පහටම රංගන ශිල්පීන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගි වෙනවා. ඒ තරම්ම විශාල පිරිසක් දායක කරගෙන ලංකාවේ කෙරෙන මේ එකම හා පළමු නාට්‍ය උළෙල මෙය කියලයි මට නම් හිතෙන්නේ. නාට්‍ය උළෙලක් කිරීම ආර්ථික අතින් වගේම මානසිකව වුණත් බොහොම අසීරු කටයුත්තක්. ඒ අසීරු කටයුත්ත ජය ගන්න මට උදව් කළේ “ටොයෝටා ලංකා” ආයතනයයි. ඔවුන් මට ලොකු හයියක්.’

2014 ඈ අරඹන්න යන මේ අපූරු කටයුත්ත කරට අරගෙන වැඩ කරන්නේ මාදනී ගේ සැමියා කීර්ති කේ. රත්තායක. කීර්තිගේ සහයෝගය ඇගේ රංගන ජීවිතයට ආලෝකයක්.

‘ මේ සියලු කටයුතු පිටුපස ඉන්නේ මගේ සැමියා. ඔහු නැතිවුණා නම් මට මේ කිසිම දෙයක් කර ගන්න ලැබෙන එකක් නෑ. මගේ රංගන දිවියේ සාර්ථකත්වය රැඳීලා තිබෙනවා නම් ඒ ඔහුගෙන් ලැබෙන මඟ පෙන්වීම නිසයි. කාර්යබහුල රංගන ශිල්පිනියක් විදියට ඒ සියල්ල පිළිවෙළකට ගොනුකර ගනිමින් දිගු ගමනක් යන්න මට අවසර ලැබුණේ ඔහු නිසා.’

මවක්, බිරිඳක් කියන භූමිකාවලදී මේ කාර්යබහුලත්වයෙන් මිදිලා කටයුතු කරන්නේ කොහොමද?

මගේ සිතේ නැඟුණේ පැනයක්.

‘මේ සෑම භූමිකාවකටම යම් කාලවේලාවක් සොයා ගන්න මම අමතක කරන්නේ නැහැ. අපේ ගෙදර අපි දෙන්නා සියලුම කටයුතු කරගන්නේ සහයෝගයෙන් කතාබහ කරලා. සමහර දේ මට කරන්නට නොහැකි වනවිට කීර්ති ඒ දේවල් කරන්න මුල් වෙනවා. ඔහුට නොහැකි අවස්ථාවල දී ඒ ඒ දේවල් කරන්න මා භාර ගන්නවා. මගේ නිර්මාණ කටයුතුවලට අවහිරයක් නොවෙන්නයි මේ සියලුම කටයුතු සිදු වෙන්නේ.’

නිවෙසේ කටයුතු පිළිවෙළකට සිදු කිරීෙමීදී යම් යම් ගැටලු තත්ත්වයක් පැන නැඟිලා තියෙනවාද?


මෙහෙමයි, මම සාමාන්‍යයෙන් මගේ ඉදිරි කටයුතු පිළිබඳ යම් සැලැස්මක් නිර්මාණය කරගෙනයි වැඩ කටයුතු කරන්නේ . මට ලැබෙන නිර්මාණ සමඟ ඒ සැකසෙන වැඩ පිළිවෙළ වෙනස් වෙන්නේ කලාතුරකින්. ඒ නිසා නිවෙසේ කටයුතුවලට වගේම පුතාගේ කටයුතුවලටත් දායක වෙන්න මට ඉඩ ලැබෙනවා. පුතා කැමැති කෑමක් හදන්න, කීර්ති කැමැති කෑමක් හදන්න නිවෙස අස්පස් කරලා ලස්සනට තියාගන්න මට ලැබෙන්නේ ඒ ඉඩහසරෙදියි.

විවේකයක් ලැබුණොත් තුන්දෙනත් එක්කම මොකද කරන්නේ?


මාදනීට ඔසුවක් තරම් වටිනා විවේකය ගැන මම විමසුවා.

සමහර වෙලාවට අම්මා, තාත්තා බලන්න නුවර යන්නේ ඒ වගේ විවේකයකටයි. ගමට ගිහින් නෑදෑයෝ, සහෝදර සහෝදරියෝ එක්ක කාලය ගත කරන එක තරම් සතුටක් කොයි තරම්ද කියලා හිතෙන්නේ එතකොටයි. එහෙම නැත්නම් හැමෝම එකතු කරගෙන විනෝද ගමනක් යන්නත් අපි අමතක කරන්නේ නෑ. චිත්‍රපටයක්, නාට්‍යයක් බලන්නෙත් අපි ඒ වෙලාවට තමයි.

කීර්තිත් කතාවට හවුල් වුණා. මාදනී ගේ රඟපෑමට කීර්තිගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?

ඇත්තටම මට පිටපතක් ලැබුණට පස්සේ මම ඒ ලැබුණු චරිතය ගැන මුලින්ම කතා කරන්නේ කීර්තිත් එක්කයි. එහිදී ඔහුගෙන් ලැබෙන උපදෙස් මට හරියට වටිනවා. මා රඟපාන චරිතවල හොඳම විචාරකයා ඔහුයි. පිටපතේ හැටියට චරිතයට එකතු විය යුතු දේවල්, සමහර විට පිටපත ගැන මට නොතේරෙන තැන් මම අහගන්නේ කීර්තිගෙන්. ඒ නිසා ඔහු ගෙන් මට ලැබෙන සහයෝගය නම් කියලා නිම කරන්න බැහැ.

පුතත් රංගනයට පිවිසිලා, ඔහු කවදහරි ඔබ වගේ රංගන වෘත්තිය තෝරා ගනීවිදි?

දැනටමත් සමහර නිර්මාණවලට පුතා රංගනයෙන් දායක වෙලා තියෙනවා. මුලින්ම හොඳට ඉගෙන ගෙන ඊට පස්සේ එයා කැමැති ක්ෂේත්‍රයක් තෝරා ගනීවි. ඒකට අපෙන් බාධාවක් නැහැ. හැබැයි එයා ටිකක් දඟකාරයා.

නාට්‍ය පුහුණුවීම් සිදුවන බොහොමයක් අතරතුර රසවත් සිදුවීම් රැසක් ඇති බව අපි දන්නවා. ඔබේ රසිකයන් මේවා දැනගන්න කැමැත්තෙන් ඇති?

සමහර දවස්වලට නාට්‍ය පුහුණුවීම් කරන්නේ අපේ නිවෙසෙයි. මට මතක විදියට ‘මීයෝ නැතුව බෑ’ වේදිකා නාට්‍යය පුහුණුවීම් සිද්ධවෙන දවසක, ඒකෙ තරමක් හයියෙන් කෑගහලා දෙබස් කියන්න තියෙනවා. පිටතට ඇහෙන්නේ හරියට රණ්ඩුවක් වගේ. ඒ සද්දය ඇහිලා අපේ ගෙදරට කිහිප දෙනෙක්ම ආවා මේ රණ්ඩුව මොකක්ද කියලා බලන්න. ඒ වගේ කටයුතුත් සිදුවෙනවා. කොහොම හරි අපේ ගේ ළඟ ගෙදර දුවට ඒ නාට්‍යයේ ගීත කටපාඩම්. සමහර දවසට ඈ ඒ ගීත ගයනවා මට ඇහෙනවා.

මේ වගේ බොහෝ සුන්දර සිදුවීම්වලින් පිරුණු මාදනී ගේ කැදැල්ල එකම සතුටු සාගරයක්. මේ දවස්වල ඇය වෙනදටත් වඩා කාර්යබහුල වී සිටින නිසා වැඩි කරදරයක් නොකරම ඇයට අපි සමුදුන්නා.

Top