එහි ප‍්‍රධානි මහාචාර්ය ඬේවිඞ් හස්ලම් පවසා ඇත්තේ සෞඛ්‍ය පහසුකම් අතිශය පුළුල්ව ඇති මෙවැනි තත්වයක් තුළත් තරබාරුකම විසින් ඇති කරන සෞඛ්‍ය ගැටළු ජාතික සෞඛ්‍ය සේවය වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.
බි‍්‍රතාන්‍ය වැසියන්නේ වැඩි ප‍්‍රමාණයක් අධි බර හෝ තරබාරුකමින් පීඩා විඳින බව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබේ.
වැඩිහිටියන්ගෙන් 61.9%ක් එ් අතර වන විට වයස අවුරුදු 2-15 අතර දරුවන්ගෙන් 28%ක්ද තාබාරුකමින් පීඩා විඳින බව එම දෙපාර්තමේන්තු සංඛ්‍යලේඛන පවසයි. ක්ෂණික ආහාර, පෙර සූදානම් කළ ආහාර සහ ව්‍යයාම අඩුබව මෙයට ප‍්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇති අතර මෙම තත්වය විසින් හෘද රෝග දියවැඩියාව, පිළිකා, අධි පීඩනය, ඔස්ටියෝ ආතරයිටිස් සහ මානසික අවපීඩනය වැනි රෝගාබාධ ඇති විය හැකි සම්භාවිතාව ඉහළ දමන බව සොයාගෙන තිබේ.
පසුගිය වසරේදී රාජ්‍ය මූල්‍ය අධ්‍යන ආයතනය විසින් නිකුත් කළ වාර්තාවක දක්වා ඇත්තේ විරැකියාව ඉහළ යාම සමග පෝෂ්‍යදායී ආහාර වේලක වියදම අධික වීම නිසා මේද සහ සීනි අධික ආහාර ගන්නට පෙළඹෙන බවයි. තරබාරුබව නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු සඳහා ජාතික සෞඛ්‍ය සේවයට වසරකට පවුම් බිලියන 5ක් පමණ වැය වන අතර ක‍්‍රියාමාර්ගයක් නොවන්නේ නම් ඉදිරියේදී තරබාරුකම ආශ‍්‍රිත රෝගාබාධ සඳහා පවුම් බිලියන 45.5ක් පමණ වැයවනු ඇතැයි සැලකේ.
උසට සරිලන බර ඇති පිරිස මුළු ජනගහනයෙන් 15%ක් දක්වා පහත බැස ඇති අතර ඉන් ඇතැමෙක් රෝගාබාධ නිසා කෘෂවූවන් විය හැකි හෙයින් සෞඛ්‍ය සම්පන්න ජනගහනය බෙහෙවින් අඩු අගයක් ගන්නා බව පැවසේ.
No comments: