ads

Slider[Style1]

Style2

Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

වසර 2013 ලෝකයේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා වශයෙන් පෘතුගාලයේ පාපන්දු කි‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ ‘රන් පාපන්දුව’ දිනාගත්තේය. වසර තුනක් පිට පිටම මෙම සම්මානය දිනාගත් ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී අභිබවා ගිය කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝට එම සම්මානය දිය යුතු යයි ලෝකය පුරා ජාතික පාපන්දු කණ්ඩායම් 209 ක නායකයෝත්, ජාතික පාපන්දු කණ්ඩායම්වල පුහුණුකරුවෝත් පාපන්දු කී‍්‍රඩාව පිළිබඳවම වාර්තා කරන වෘත්තිය මාධ්‍යවේදීන් අතුරින් තෝරාගත් 173 දෙනකුත් තීරණය කර තිබිණ.

මෙම සම්මානය ඊයේ (13 වැනිදා) සුරිච්හිදී පැවැති අන්තර්ජාතික පාපන්දු සම්මේලන සම්මාන උළෙලේදී රොනාල්ඩෝ වෙත පිරිනමන ලදි.
ස්පාඤ්ඤයේ රියල් මැඞ්රිඞ් කී‍්‍රඩා සමාජයට කී‍්‍රඩා කළ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ තම කණ්ඩායමට කිසියම් කුසලානයක් දිනා දීමට 2013 වසරේදී සමත් නොවූ නමුත් ඉදිරිපෙළ කී‍්‍රඩකයකු වශයෙන් ගෝල ලබාගැනීමේ ඔහු සතු අද්වීතීය දක්‍ෂතා හේතුවෙන් ලයනල් මෙසී සහ ප‍්‍රංශයේ ෆ‍්‍රෑන්ක් රිබෙරිට වඩා ‘රන් පාපන්දුව’ සම්මානයට සුදුස්සා කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ බව තීරණය වී තිබිණ.

කලකට ඉතහදී ඉකුත් වසරේ දක්‍ෂතම යුරෝපීය පාපන්දු කී‍්‍රඩකයාට පිරිනැමුණු ‘රන් පාපන්දුව’ සම්මානය සහ ප‍්‍රංශ පාපන්දු සංගමය විසින් පිරිනැමුනු තවත් එවැනිම සම්මානයක් එකතු කිරීමෙන් 2010 සිට ‘රන් පාපන්දුව’ සම්මානය පිරිනැමේ. එහි මුල්ම ජයග‍්‍රාහකයා වූ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී රන් පාපන්දුව සම්මානය පිට පිටම තුන් වරක් දිනාගත් නමුත් මෙවර කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝට ‘රන් පාපන්දුව’ හිමිවිය.

”ඔබ සියලූ දෙනාටම ස්තුතියි.! මගේ කණ්ඩායම් සගයිනි..., ජාතික කණ්ඩායමේ මිතුරනි....., මගේ පවුලේ සාමාජික සාමාජිකාවෙනි.....ඔබ සියලූ දෙනාටම ස්තුතියි !!”

”මට දැන් කතාකරගන්නත් බෑ” යයි තුන් වතාවක්ම එහි අනුශූරයා වූ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ රන් පාපන්දුව සම්මානය දිනාගැනීමෙන් පසුව සතුටු කඳුළු උතුරන දෑසින් යුතුව පැවසීය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලන සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම විනයානුකූල පාපන්දු කණ්ඩායමට හිමි සම්මානය දිනාගන්නා ලද්දේ ඇෆ්ගනිස්තානු පාපන්දු කණ්ඩායම විසිනි. වසර 10 කට පසුව ඇෆ්ගනිස්ථානයේ පාපන්දු තරගයකට සහභාගි වූ ඇෆ්ගන් කණ්ඩායම පාකිස්තානයට එරෙහිව තරග කළේය. 


 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Post a Comment


Top