ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ මහත්මිය දැඩි ලෙස රෝගාතුරව කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
වරකාපොළ, අඹේපුස්ස, සිය නිවෙසේ පදිංචිව සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 11 වැනිදා සෙනසුරාදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇත.1964 වර්ෂයේදී නවක මඬල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරැඹූ ඇය 1967 වර්ෂයේදී වේදිකා නාට්‍යවලට අවතීර්ණ වූවාය.
ප්‍රවීණ රංගන ශිල්පිනී මර්සි එදිරිසිංහ අප සමඟ මෙසේ පැවැසුවාය.
“2012 වසරේ මගේ ගර්භාෂයේ සැත්කමක් කළා. ඒ සැත්කම කළේ කොළඹ නවලෝක රෝහලෙන්. පසුව මම කලා කටයුතු කරමින් ජීවත් වුණා. ඊට පස්සේ මගේ තුනටියට පහළින් කැක්කුමක් ආවා. මම බාහිරව ප්‍රතිකාර කළා. නමුත් අඩුවක් දැනුණේ නෑ. තුනටියට පහළින් කුද්දටි ඉදිමිලා කියලා මා පරීක්‍ෂා කළ වෛද්‍යවරු ප්‍රකාශ කළා. මම ඒ හැමදේටම ප්‍රතිකාර ලබා ගත්තා.
ඔහොම ඉන්නකොට මට ඇවිදින්න බැරිව ගියා. දැනටත් ඇවිදගෙන යන්න එන්න බෑ. ගොඩක් අමාරුයි. ඊට පස්සේ 11දා කෑගල්ල මහ රෝහලට ඇවිල්ලා මම නතර වුණා. වෛද්‍යවරු පරීක්‍ෂා කර බලා මට ප්‍රතිකාර කරනවා. මගේ ශරීරයේ සීනි අඩුවෙලා, ඒ වගේම ලේ හොඳටම අඩුවෙලා. මට අද ලේ ලබාදෙනවා කියලා කිව්වා. කෑගල්ල මහ රෝහලෙන් ලබාගත්ත ප්‍රතිකාරවලට ගොඩක් සනීප බව දැනෙනවා. නමුත් මට ශක්තියක් නෑ. නැඟිටලා යන්න එන්න බෑ. වමනේ යනවා, ක්ලාන්තය හැදෙනවා.
දමුණුපොළ – චමින්ද ජයලත්
Slider[Style1]
Style2
Style3[OneLeft]
Style3[OneRight]
Style4
Style5
Blog Archive
-
▼
2014
(12)
-
▼
January
(12)
- ඉන්ටනෙට් එකේ වැඩිපුරම සෙක්ස් බලන රටක් මේක
- නම ගිය සමාගමක් වසා දැමූ පාසල් ගොඩනැගිල්ලක පණුවන් ස...
- රසිකයන්ගේ හිතවත්කමට මම හරිම ආදරෙයි
- පණ ඇති සතුන් සිටින තවත් ලොවක් ළඟදීම
- රන් පාපන්දුව කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝට
- මහ ඔයත් පිටාර ගලයි
- Nipuni Wilson
- Madhu Nithyani new
- ගෙදර රණ්ඩුවක් කියලා කට්ටිය ආවා මාදනී මල්වත්තගේ
- ඉන්දීය තානාපති නිලධාරිනියගේ නිරුවත ලංකාවට ජිනීවාහි...
- බි්රතාන්යයේ තරබාරුකම වඩාත් අයහපත් මටට්මකට
- මර්සි එදිරිසිංහ රෝගාතුරව රෝහලේ
-
▼
January
(12)
No comments: